Monday, September 23, 2024

මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ඇමරිකාව සංචාරක සීමා පනවයි

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක වෙත මෙම සංචාරක තහනම් පැනවීම සිදුකරන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයට පත් කර ඇත .

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව එම වින්දිතයින් අතරින් අවම වශයෙන් අට දෙනෙකුට නිදහස සදහා ඇති අයිතිය බරපතල ලෙස අහිමි කිරීම යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සදහා නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි සම්බන්ධ වීම හේතුවෙන් ඔහු එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇත.

2000 වසරේ දෙසැම්බර් මාසයේදී දෙමළ සිවිල් වැසියන් 08 දෙනෙකු අධිකරණ විභාගයට ලක් නොකර ඝාතනය කිරීමේ යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සීමාපනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අදාළ නිවෙිදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඇමරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව එම පියවර ගෙන ඇති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles