ඥානසාර හිමියන්ගේ බැන වැදීම තැකිය යුතු කරුණක් නොවෙි – තපෝවනවාසී රතන හිමියෝ ප්‍රතිචාර දක්වති

0
334

ගලබොඩඅත්තේ ඥානසාර හිමි තවත් භික්ෂූන් වහන්සේ දෙනමකට අසභ්‍ය වචනයෙන් ගනිමින් කරන තර්ජනය කරන හඬ පට වලට මේ වන විට විශාල ප්‍රතිචාර හිමිව තිබෙනවා.

ඥානසාර හිමි මේ ආකාරයට අසභ්‍ය වචනයෙන් බැන වදින්නේ ජනපතිවරයා විසින් පත්කළ එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ විශේෂ ජනපති කාර්ය සාධන බලකායක් සභාපති ධූරය දරන පසුබිමකයි.

ඥානසාර හිමියන් එසේ බැන වැදුනේ මිණිපුර අමා ශාන්ති තපෝවන ශාඛා විහාරාධිපති පූජ්‍ය රතන හිමි සහ කිරුලපන පූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි යන හිමිවරුන්ටයි

මේ සම්බන්ධයෙන් රතන හිමියන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මිනිපුර අමා ශාන්ති තපෝ වන ශාඛාවන්හි විහාරාධිපති , ත්‍රිපිටක වාගීශ්වර , සද්ධර්ම ශිවමණි ,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයද උසුලන රතන හිමියන් සඳහන් කරන්නේ ඥානසාර හිමියන්ගේ බැන වැදීම තැකිය යුතු කරුණක් නොවන බවයි.

එමෙන්ම ඥානසාර හිමිගේ බැන වැදීම සම්බන්ධයෙන් අවම තරමින් පොලිසියේ පැමිණිල්ලක් දැමීමේ අවශ්‍යතාවයක්වත් නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඥානසාර හිමිගේ තර්ජනය තමන් වහන්සේට අටලෝ දහමට අනුව ලැබෙන තෑග්ගක් ලෙස සලකන බැවින් එය සාමාන්‍ය දෙයක් බවත් පූජ්‍ය තපෝවනවාසී රතන හිමියන් අවධාරණය කරනවා.

උන් වහන්සේ මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ඥාණසාර හිමියන්ගේ අසභ්‍ය වචන ඇතුළත්  බැණ වැදීම් වලට පූජ්‍ය තපෝවන වාසි රතන හිමියන් සහ පූජ්‍ය කිරුලපන ධම්ම විජය හිමියන් ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව සමාජයේ විශාල ගෞරවයක් උන් වහන්සේලා දෙනම වෙත ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here