ඥානසාර හිමි තවත් නඩුවකින් නිදහස් වෙයි

0
278

පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මුස්ලිම් ජනතාවටත් ඉස්ලාම් ආගමටත් අල්ලා දෙවියන්ටත් අපහාස කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා පෙරේදා (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බැවින් සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here