යුගදනවි ගිවිසුම ‍අනුර අතට ගිය හැටි ෂෙහාන් සේමසිංහ දන්නවලු

0
275

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතාට ලැබුණේ කෙසේදැයි ආණ්ඩුව දන්නා බව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අනුර කුමාර මහතා ගිවිසුම සභාගත කරත් ඊට පෙර රජය එම ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවය.

“නිව් ෆෝට්‍රස් සමාගම සම්බන්ධයෙන් ගිවිසුම සභාගත කරා. නමුත් අපි රජය විදිහට ඒක අධිකරණයට ඉදිරිපත් කරලා අවසන්. ඔබතුමාට ගිවිසුම ලැබුණේ කොහොමද කියලත් අපි දන්නවා. ඒ නිසා මෙතන හංගන්න දේවල් නෑ. අපිට හංග හංග ගහන්න ඕනේ නෑ. අපි විවෘතයි. මතු කරපු හැම කාරණාවකටම රජය උත්තර දීලා තියෙනවා.”     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here