Sunday, September 22, 2024

වාහන ආනයනය තහනම් කර තිබියදී හමිබන්තොට වරායෙන් ගොඩ බෑ කෝටි 6ක වාහනය

ශ්‍රී ලංකාවේ වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 අති නවීන මෝටර්  රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.

මෙම මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කල බවත් රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවත් හම්බන්තොට වරායේ නිලධාරීයෙක් පැවසීය.

මෙම මෝටර් රථය වෙනත් පුද්ගලයෙක් ආනයනය කළ එකක් නොවන බව ද එම නිලධාරීයා වැඩි දුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles