අයවැයෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරැ ,රජයේ ඉහළ නිලධාරීන් රට සවාරි යන්න සූදානම්න්

0
275

අයවැය නිමාවෙන් පසු ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම රජයේ ඉහළ පෙලේ නිලධාරින් විදේශගත වීම සඳහා සූදානම් වෙමින් සිටිති.

වසර අවසාන දීර්ඝ නිවාඩුව ගත කිරීම සඳහා ඔවුන් යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා, නවසීලන්ත වැනි ගමනාන්තයන් තෝරාගෙන තිබේ.

ඔවුන් බොහෝ දෙනෙකුගේ දුවා දරුවන් ඒවායේ ඉගෙන ගැනීම හෝ පදිංචි වී සිටීම සහ එම රටවල නිවාඩු කාලය එළඹී තිබීම ද ඊට හේතුවක් වී තිබේ.

පාර්ලිමේන්තුවේ අයවැය අවසන් වීමෙන් පසු නැවත පාර්ලිමේන්තුව කැදවන්නේ ජනවාරි මස 11 වැනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here