Saturday, September 21, 2024

ප්‍රමාණවත් තරමි ඩොලර් නැති නිසා වරායේ ඖෂධ රැසක් හිරවෙි

ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මුදාහරින්නට රාජ්‍ය මූල්‍ය ආයතන අපොහොසත් වීම නිසා මෙම තත්වය උදා වෙමින් ඇත.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟතාවයක් ලබන වසර ආරම්භ වන විට ඇතිවිය හැකිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ආනයනය කිරීමට අදාළ කටයුතු අවසන් කර මිල ගණන් ඉදිරිපත් කළ ආයතන පවරා ඇතත් ණයවර ලිපි විවෘත කිරීම සඳහා බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරිම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් බරපතළ වී ඇත.

අභ්‍යන්තර තොරතුරු අනුව දැනට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ වර්ග 75 කට අදාළව ණයවර ලිපි නිකුත් කර ගත නොහැකිව ඖෂධ නීතිගත සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී.

මේ වන විටත් ඖෂධ සහ ශල්‍ය උපකරණ ආදිය කොළඹ වරාය තුළ විශාල ප්‍රමාණයක් සිර වී ඇත්තේ ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට ඇති නොහැකියාව හේතුවෙනි.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඖෂධ ගෙන්වීමට ඩොලර් ප්‍රශ්නය තදින් බලපා ඇති බව සත්‍යයක් බවයි.

නමුත් ඖෂධ ගෙන්වා ගැනීමට බැංකු වලින් ඩොලර් මුදා හැරීමට දැනටමත් මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙන බවද පැවසූ ඔහු ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය පියවර යොදා තිබෙන බවද සඳහන් කළේය.

lanka C news

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles