Saturday, September 21, 2024

උග්‍ර විදේශ විනිමය අර්බුදයට IMF යනවාද ? නැද්ද ? තීන්දුව හෙට

රට තුළ ඇති වී තිබෙන උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හෝ නොයාම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මීළඟ කැබිනට් මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙි පිළිබඳව තීරණයක් ගනු ඇති බව වාර්තා වෙි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මීළඟ කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් වී ඇති අතර පිරිසක් අදහස් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මගින් විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි.

නමුත් අනෙක් පිරිස පෙන්වා දෙන්නේ ඩොලර් හිගයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බවයි.

රටේ ආර්ථිකය හා මූල්‍ය තත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම සඳහා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල යන අයද මීළඟ පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

දැනට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වශයෙන් වියදම් කිරීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 1100 ක් පමණ වන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට සති දෙකක පමණ ආනයන වියදම් වෙනුවෙන් පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් ව ඇති අතර ඩොලර් හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහසයි. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles