යුගදනවි ගිවිසුම පිටට ගියේ කොහොමද? – ඇමති විමල් මාධ්‍යයට පිළිතුරු දෙයි

0
315

ඊයේ(11) දින මාධ්‍යයවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා සඳහන් කළේ යුගදනවි ගිවිසුම අමාත්‍යය මණ්ඩලයට ඉදිරිපත් කරණු ලැබුවේ සති දෙකකට පමණ පෙර බවයි.ඒ අනුව එම ගිවිසුම විධිමත්ව අධ්‍යයනය කර සියළු වැරදි පෙන්වා දෙමින් ඊට අදාළව මුදල් අමාත්‍යයවරයා වෙත නිරීක්ෂණ ලබා දුන්නේ පසුගිය 29 වනදා බවද ඔහු සඳහන් කළේය.ඒ අතර ලෝක ඉතිහාසයේ සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ආකාරයට අමාත්‍යය මණ්ඩලයක සිටින අමාත්‍යයවරු තිදෙනෙකු එම අමාත්‍යයවරුන් නිසි ලෙස දැනුවත් කර නොකර විදේශීය සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කිරීම වරදක් බවට අධිකරනය හමුවේ කරුණු කියන බවද සඳහන් කළේය.

සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුගදනවි ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුමවීමට තරම් කාරණයක් නොවන බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

“දැන් ඕක සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය මේ ගැන සාකච්ඡා කරලා… ඒ සාකච්ඡාව දිග්ගැස්සුනා. ඒක ඉදිරියට කරන්න තියෙනවා. ඉතින් අමාත්‍ය මණ්ඩලයට ගිවිසුම ඉදිරිපත් කළාට පස්සේ ඔය කාගේ හරි අතට යන එක පුදුම වෙන්න කාරුණක් නෙමෙයි..අපේ රටේ හැටියට.” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here