පොහොර නැති නිසා සිලෝන් ටී ඉල්ලුමටත් කණකොකා හඩන ලකුණු

0
316

පොහොර නොමැති වීම හේතුවෙන් තේ අස්වැන්නේ ගුණාත්මකභාවය පහත වැටීම නිසා ලෝක වෙළඳපලේ ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉල්ලුමට දැඩි තර්ජනයක් එල්ලවන බව තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොර නොමැතිවීම හේතුවෙන් තේ නිෂ්පාදනයේදී ඇතිවන කසළ තේ ප්‍රමාණය ද ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ තේ කර්මාන්තය සඳහා අවශ්‍ය ඇතැම් රසායනික පොහොර සඳහා ආනයනික තහනම ඉවත් කළත්, වෙළඳපලේ ප්‍රමාණවත් තරම් පොහොර නොමැති බවයි.

එමෙන්ම රසායනික පොහොර සඳහා සහනාධාරය ක්‍රියාත්මක නොවන බැවින් පොහොර මිල ද සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,500 ක්ව පැවති තේ වගාව සඳහා යොදාගැනෙන කෘත්‍රිම පොහොර කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,500 සිට 6,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම නියමිත ක්‍රියාපටිපාටිය යටතේ දිවයිනට ආනයනය කරන ලද රසායනික පොහොර රේගුව හරහා ඉවත් කරගැනීමේ ගැටළුවක්ද පවතින බවයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තේ, රබර් ඇතුලු සියලු වතු වැවිලි සඳහා බලපෑමක් එල්ල කරන බව එමගින් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here