Friday, November 15, 2024

මෙරට කේබල් කාර් සිහිනය සැබෑ කරමින් ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අත්සන් තැබෙි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් වශයෙන් ඉදි වෙන පළමු කෙබල් කාර් ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්සන් තබා ඇත.

අදාළ ව්‍යාපෘතිය යටතේ නානුඔය සිට නුවරඑළිය දක්වා කිලොමීටර් 04 ක් දුරට අදියර දෙකක් යටතේ කේබල් කාර් ව්‍යාපෘතියෙහි ඉදි වෙනු ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය ඉදිරි මාස 18 ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වනවිට සකස් කර ඇත.

ස්වීඩනයේ විදේශ ආධාර ක්‍රමයෙන් මුල්‍යාධාර සැපයෙයි.

ව්‍යාපෘතිය වසර එකහමාරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මගින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට සුව පහසුව සහ විනෝදාස්වාදය මෙන්ම සියලු පහසුකම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles