ගෑස් උඳුනක් පිපිරී තුවාල ලැබූ තවත් ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යයි

0
358

ගෑස් උඳුනක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි.

ඒ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඒ බව තහවුරු කළේය.

කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණේ පසුගිය පළමුවනදාය.

අදාළ කාන්තාව පවුලේ පිරිස සමග කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ කුලී පදනම මත බවද වාර්තා විය.

ඒ, අදාළ කාන්තාව එදින අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේදීය.

අනතුරින් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව පසුගිය 10 වනදා මියගොස් තිබුණි.

පල්ලේකැලේ පොලීසිය පැවසුවේ ගෑස් අනතුර නිසා එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇතත් අනතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ කරගෙන නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here