යළිත් කිරිපිටි හිඟයක් ?
කිරිපිටි හිඟයට විසඳුමක් නැහැ – ඇමති බන්දුල

0
265

වෙළඳපොලේ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු විසඳුමක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ඒ සඳහා නම් අපට විසඳුමක් නෑ. මොකද ආනයනය සඳහා පවතින ඩොලර් හිඟතාවය තුළ කිරිපිටි වලට වඩා ප්‍රමුඛතාවය දීලා තියෙන්නෙ අනෙක් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවලට. ඔය අසාමාන්‍ය ලෙස ලාභ ලබපු විදේශීය සමාගම්වලට පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී කෙටි කාලයකට ඔවුන්ගෙ සැපයුම්කරුවන්ට ණය පහසුකමක් දීලා, මේ ටික සපයන්න”

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here