කොරෝනා එන්නත් විදේශ නාවිකයන්ට අලෙවි කිරීමට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට භාරදීලා

0
272

රජය විසින් මිලදී ගන්නා ලද කොරෝනා එන්නත්වලින් යම් ප්‍රමාණයක් විදේශ නාවිකයන්ට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට භාරදීමට පියවර ගැනීමේ සිද්ධියක් පිළිබඳව සෞඛ්‍ය අංශ විරෝධය දක්වා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම විරෝධය දැක්වූ අය අතර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියෙක් ඉවත් කිරීමට යන බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව කියා සිටී.

අදාල ව්‍යාපාරිකයාට ඩොලර් 50 බැගින් එන්නත් ලබා දීමටත් ඔහු කැමති මුදලකට එම එන්නත් විදේශ නාවිකයන්ට ලබා දීමටත් පියවර ගෙන ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here