තවත් සති දෙකකින් විදේශ සංචිත බිංදුවටම හිඳෙනවා.මුදල් ඇමතිවරයාට මොළ හතක් ඇති බවට පවසන්නේ හත සමත් නිසාද ? – විජයදාස අසයි

0
456

ඊයේ (12) පන්නිපිටිය වීර මාවත එක්සත් පොදු සේවා සමිතියේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවෙි තවත් සති දෙකකින් විදේශ සංචිත බිංදුවටම හිඳිලා රට තුළ විශාල සාගතයක් ඇති වන බවයි .


ඉදිරි සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්වෙන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැතිවරයා ප්‍රමුඛ සියලුම කැබිනට් ඇමතිවරු ජනාධිපතිවරයාගේ වහල්ලු බවට පත්ව සිටින බවද ඔහු කියාසිටියේය. 


කෙසේවෙතත් මොළ හතක් තිබෙන මුදල් ඇමතිවරයෙක් පත්ව සිටින බවට සමාජය තුළ ඇති කතාබහ අනුව ඔහුට රට ගොඩ දැමීමට නොහැකි වනු ඇත්දැයි යන්න මෙහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරැ දෙමින් විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ මුදල් ඇමතිවරයාට මොළ හතක්ඇති බවට පවසන්නේ හත සමත් නිසා වන්නට ඇති බවයි. 
රට ගොඩ දැමීමට එය ප්‍රමාණවත් නොවන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here