ආණ්ඩුව තොරතුරු දැනගැනීමෙි පනත අකර්මණ්‍ය කිරීමට කටයුතු කරනවා – මෛත්‍රී ආණ්ඩුවේ තවත් ලොකු වැරැද්දක් කියයි

0
334

ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත අකර්මණ්‍ය කිරීමට කටයුතු කරමින් සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය වේදනාකාරී සිදුවීමක් බව පෙන්වා දෙයි. එමෙන්ම ඉකුත් ආණ්ඩුව සමයේ ගත් ජනතාවාදී තීන්දු තීරණ රැසක් වත්මන් ආණ්ඩුව ආපසු හරවමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.උදාහරණයක් ලෙස 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධින කොමිෂන් සභා, අල්ලස් දූෂණ කොමිසම, තොරතුරු දැනගැනීමේ පනත ආදිය ඒ අතර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තම රජයට ජාත්‍යන්තර සහාය ලැබුණේ ඒ හේතුව මත බවද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here