නව මහ බැංකු අධිපතිගේ නිල කාලය වසර 06 යි…

0
486

අලුතින් පත්කිරීමට නියමිත නව මහබැංකු අධිපතිගේ නිල කාලය වසර 6ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මීට පෙර සැලසුම් කර තිබුණේ වසරක කාලයකට මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට බවත්, එහෙත්  අලුතින් පත් කරන මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය වසර 06 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරවීම සඳහා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීවේය.

පක්‍ෂයේ විනය නොරකින හා පක්‍ෂයේ නීති රීතිවලට පටහැණිව ක‍්‍රියා කරන අයට එරෙහිව විනය නීති තදින් ක‍්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here