යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඊයේ සවස නාවන්තුරෙයි ප්‍රදේශයේ මාර්ගයක කල සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
කැස්බෑවා බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිට ඇත.
කැස්බෑවා පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අවස්ථාවේදීද යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවටද වාර්ථා වේ.
මේ අනුව යාපනය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයන් යටතේ වනජීවි කාර්යාලයේද සහය ඇතිව නැවත කැස්බෑවා මුහුදටම මුදා හැරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.
මෙම කැස්බෑවා ඉතා දුර්ලබ ගනයේ කස්බාවෙකු වන අතර ඉතා විශාල වේ.
මෙම කැස්බෑවා අධික මිලකට විකිණීම සඳහා රැගෙන යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවට දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පවසයි.