දියේ ගිලී සිදුවන මරණවල වැඩිවීමක්

0
274

මන්නාරම, පල්ලිමුනෙයි,කෝන්දපිට්ටි මුහුදේ බෝට්ටු සවාරියක් ගිය අවස්ථාවේදී මුහුදට වැටී අතුරුදන්වු තරුණයින් දෙදෙනාගෙන් අයෙකුගේ සිරුරක් අද (13) උදැසන සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ මන්නාරම, පල්ලිමුනෙයි, කෝන්දපිට්ටි මුහුදේ බෝට්ටු සවාරියක් ගිය අවස්ථාවේ තරුණයින් දෙදෙනෙකු ඊයේ (12) දියේ ගිලීමෙන් අතුරුදන්ව සිටි බවය.

පොලීසිය පැවසූවේ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු වන දර්ශන් නමැත්තාගේ සිරුර එලෙස අද(13) උදැසන ධීවරයින් පිරිසකට හමුව තිබූ බවය.

අතුරුදන්වූ අනෙක් තරුණයා සොයා නාවික නිළධාරීන්, පොලිස් නිළධාරීන් හා ධීවරයින් සෝදිසි මෙහෙයුම් දියත් කරන බවද පොලීසිය පැවසීය.

පසුගිය 06 වැනිදා ද මුලතිව් මුහුදේ දියනෑමට ගිය වව්නියාව ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්විය.

මේ අතර වත්තල ප්‍රීතිපූර මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා කණ්ඩායමක් සොයාගෙන තිබේ.

ඊයේ පාසල් සිසුන් සිව් දෙනෙක් මුහූදේ දියනාමින් සිටියදී දෙදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් තිබුණි.

මෙලෙස මුහුදේ දිය නෑමට ගොස් මියගොස් තිබුණේ මහර කුමාර විදුහලේ දහය වසර අධ්‍යාපනය ලැබු සිසූන් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.

කේ. කේ. රුවින්ද පුන්සර (15) වයි. එම්. සංචිත සඳකැළුම් (15) යන සිසුන් දෙදෙනා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here