ආර්ථික අර්බුදයෙන් මිදීමට ඉන්දියාවෙන් හදිසි ආධාර පැකේජයක් ?

0
306

වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත් පත වාර්තා කර සිටී.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේම ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රචලිත කිරීම එහි තවත් අරමුණකි.

නොබෝදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව Economic Times වැඩිදුරටත් වාර්තා කර ඇත.

අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here