පී.බී.ගේ තැන අනුරටද ?

0
334

නව ජනාධිපති ලේකම් ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී. එම්. අනුර දිසානායක පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ. මේ සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්තද හිමි වී ඇත.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමත් සමගම මේ නව පත් වීම සිදු වනු ඇති අතර පී. බී . ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ලේකම්වරයකු ලෙස පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ක්‍රියා කලාපය හේතුවෙන් මේ වනවිට ජනාධිපතිවරයාද අපහසුතාවට පත් වී ඇති අතර රට තුළ අර්බුධ ගණනාවක් නිර්මාණය වී ඇතැයි රජයේ මැති ඇමැතිවරුන්ගෙන්ම නැගෙන චෝදනා මත පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here