2022 වසරේ සිට 6-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ‘වෘත්තීය මාර්ගෝපදේශය’ නමින් නව විෂයක්

0
416

ලබන වසරේ සිට 6 – 13 ශ්‍රේණි දක්වා සිසුන්ට නව විෂයක් ලෙස ‘වෘත්තීය මාර්ගෝපදේශය’ ඇතුළත් කරන බව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අධ්‍යක්ෂ සිතාරා ජයසේන මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයී.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ දිනවලදී විෂය මාලා සංශෝධන කටයුතු සිදුකෙරෙන බවද ඇය සඳහන් කළා.

අදාළ නව විෂය ඉගැන්විය හැකි ගුරුවරුන් පාසල් තුළ නොමැති හෙයින් ඊට අදාළ ගුරුවරුන් පහළොස්දහසක් මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් පුහුණු කරනු ලබනවා.

එහි මූලික අදියර ලෙස ගුරුවරුන් 2,700ක් ලබන වසරේදී පාසල් පද්ධතිය වෙත අනුයුක්ත කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here