පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ්පත් 62000ක් බැංකුවලින් අවලංගු කරලා

0
528

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට භාවිත කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් (ණයවර පත්) හැට දෙදහසක් බැංකුවලින් අවලංගු කර ඇත.

එහෙත් එම අවලංගු කිරීමත් සමග වුවද නව කාඩ්පත් නිකුත් කිරීම් හේතුවෙන් 2021 සැප්තැම්බර් මාසයේ මෙරට භාවිත වූ දහඅට ලක්ෂ පනස් හයදහස් එකසිය අනූ එකක් වූ ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව නොවැම්බර් මාසය අවසන් වනවිට දහඅට ලක්ෂ අනූහතර දහස් එකසිය විසි අට දක්වා 37,937කින් ඉහළ ගොස් තිබේ.

මෙලෙස අවලංගු කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අතුරින් 150ක් දේශීයව පමණක් භාවිත කළ හැකි කාඩ්පත් වන අතර, ඉතිරි සියල්ලම දේශීය සහ විදේශීය පිළිගැනීමක් සහිත කාඩ්පත් වේ.

මෙලෙස අවලංගු කිරීම් සිදු වුවද 2021 ඔක්තෝබර් මස අවසන් වනවිට මෙරට භාවිත කෙරෙන සියලුම ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය රුපියල් බිලියන එකසිය විසි හතරයි දශම දෙක දක්වා වර්ධනය වී ඇත.

එම අගය සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 121ක් විය. 2020 වසර අවසානයේ මෙරට භාවිත කෙරුණු ක්‍රෙඩිට් කාඩ්පත්වල සමස්ත ශේෂය රුපියල් බිලියන 117ක් විය.

මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් විශාල වශයෙන් අවලංගු වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ සිදු කෙරෙන පැහැර හැරීම් සහ අන්තර්ජාලය ඔස්සේ කාඩ්පත් හරහා සිදුකළ හැකි ගෙවීම් (ඩොලර් ගෙවීම්) සීමා කිරීම බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නයන තරංග ගමගේ – අරැණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here