Friday, November 8, 2024

ලිට්‍රො සමාගම ගෙන්වූ ගෑස් තොගයක් ප්‍රමිතියෙන් තොර බව හෙළි වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වෙයි.

ගෑස් කාන්දු වලදී විශේෂ ගන්ධයක් ඇති වීම වෙනුවෙන් එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ප්‍රමාණය පහළ මට්ටමක පවතින බව එහිදී හෙළි වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම තත්ත්වය හෙළි වී ඇත.

එමෙන්ම එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව ද හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගෑස් නැව් කිහිපයකම සාම්පල පරීක්ෂා කිරීම වන විට සිදුවෙමින් පවතී.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර බව හෙළි වුවහොත් ඒවා නැවත ප්‍රති අපනයනය කරන බවයි.

ඒ සමග ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙඳපලට නිකුත් කළ ලිට්‍රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරන බව සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles