Thursday, November 28, 2024

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය කුමක්ද සහ එය ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශන කිරීමේ හැකියාව පිළිබඳව අධිකරණය වෙත දැනුම් දීමට ලිට්‍රෝ ගෑස් සමාගමට අභියාචනාධිකරණයෙන් අවසර

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය කුමක්ද, එය ගෑස් සිලින්ඩරයේ ප්‍රදර්ශන කිරීමේ හැකියාව පිළිබඳ හෙට (15) අධිකරණ වෙත දැනුම් දීමට ලිට්‍රෝ ගෑස් සමාගමට අභියාචනාධිකරණයෙන් අවසර.

ඒ, ලිට්‍රො සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා අධිකරණයට දන්වා සිටියේ, මේ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම හෙට දින යළි කැඳවීමට නියම කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles