බෝග වර්ග 07 ක බීජ ආනයනය ලබන වසරේ සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය

0
477

ලබන වසරේදී බෝග වර්ග 07ක බීජ ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

අල, ලොකු ළූණු, මිරිස්, රතු ළූණු, උඳු, බඩ ඉරිඟු, හා රට කජු යන බෝග ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතා පවසනවා.

නාවලපිටිය , අලුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානයේ , දෙමුහුන් බීජ කිලෝග්‍රෑම් 1500 ක් මේ වනවිටත් නිෂ්පාදනය කර අවසන් කර තිබේ.

බී ලූණු බීජ නිෂ්පාදනය දඹුල්ල දිගම්පතහ ගොවිබිම්වල සිදුකෙරේ.

අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපළේදී නිෂ්පාදනය කෙරෙන අතර රතු ලූනු, උදු, රටකජු සහ බඩඉරිඟු බීජ නිෂ්පාදනය ද සාර්ථකව සිදුකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here