විදේශ මුදල් ලඟ තිබෙන පුද්ගලයින්ට මහ බැංකුවෙන් දැනුම්දීමක්

0
318

විදේශ මුදල් තිබෙන පුද්ගලයන්ට අදාළ මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ විදේශ විනිමය, ඩොලරයක් රුපියල් 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීමට හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි.

මේ අනුව මහ බැංකුව පවසන්නේ අදාළ විදේශීය විනිමය ඇමරිකානු ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි  ශී‍්‍ර ලංකා රුපියල්වලට මාරු කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි. මේ මාසය තුළ අදාළ මුදල් ඇමරිකානු ඩොලරයකට රු. 210ක් වන පරිදි සහ අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට ද ඊට සමානුපාතිකව ඕනෑම බැංකුවකින් ශී‍්‍ර ලංකා රුපියල්වලට මාරු කිරීම හෝ ශී‍්‍ර ලංකා රුපියල් ගිණුමක තැන්පත් කිරීම හෝ තම පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක තැන්පත් කිරීම හෝ තම විශේෂ තැන්පත් ගිණුමේ තැන්පත් කිරීම හෝ ශී‍්‍ර ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම හෝ කළ හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව තවත් ක්‍රියාමාර්ග කිහිපයක් දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here