තැපැල් වර්ජනය තවදුරටත්

0
309

ඉල්ලීම් කිහිපයක් තැපැල් සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.මෙි හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා බිඳ වැටී තිබෙි.

ඒ අනුව ඊයේ (13) පස්වරු 4.00 ට එම වැඩවර්ජනය ආරම්භ කළ අතර එය අද (14) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා දිවයින පුරා තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3410ක 25000කට අධික සේවකයන් පිරිසක් එකතු වී ඇත.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මෙම වර්ජනය හේතුවෙන් සිර වුණු ලිපි හෙට (15) සහ අනිද්දා (16) දෙදින තුළ බෙදාහැරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here