හික්කඩුව පොලීසිය ටෙලිනාට්‍යක් රූගත කිරීම නවතයි

0
317

තම නිල කාමරය සහ සභා රැස්වීම ශාලාව කිසිදු අවසරයකින් තොරව ටෙලිනාට්‍යයක රූගත කිරීම් සඳහා ලබා දීමට එරෙහිව හික්කඩුව නගර සභාවේ උප සභාපති වරයා ඇතුළු මන්ත්‍රීවරුන් අටදෙනකු පොලිසියට පැමිණිලි කර ඇතැයි හික්කඩුව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව එහි සිදු කෙරුනු රූගත කිරීම් එම පැමිණිල්ලට අනුව වහාම නතර කිරීමට පියවර ගත් බවද පොලිසිය පැවසීය.

නගර සභාවේ කිසිදු අවසරයකින් තොරව මෙම ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා ශාලාව ලබාදී ඇත්තේ එහි ඉහළ නිලධාරියෙකුගේ උවමනාවට බව ද උපසභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here