ජනපති හිටිහැටියේ පාර්ලිමේන්තු යාරාවසාන කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් – විජිත හේරත්

0
285

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටිහැටියේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අනුමත කළ නොහැකි වැරදි කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.

මේ මොහොතේ පාර්ලිමේන්තු කල්තැබීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව කී හේරත් මහතා මෙය මුළුමනින්ම අත්තනෝමතික බලතල භාවිතා කිරීමක් බවත් කීවේය.

පාර්ලිමේන්තුව යනු ජනතාවගේ ප‍්‍රශ්න කතා කිරීමට ඇති ප‍්‍රධානම තැන බවත් එය වසා දැමීම යනු ජනතා හඬ වසා දැමීම හා සමාන කටයුත්තක් බවත් හෙතෙම සඳහන් කළේය.

පුද්ගලික අභිමතාර්ථයන් මත සිය අත්තනෝමතික බලතල භාවිතා කර ජනාධිපතිවරයාට හිටිහැටියේ පාර්ලිමේන්තුව කල් තබා සිංගප්පූරු යෑමට හැකි නම් රටේ මූල්‍ය අර්බුදය තවත් වැඩි වුවහොත් මෙවැනි ලෙසම ඇමරිකාවට වුවද ඔහුට පලා යෑමට හැකියාව ඇති බවත් හෙතෙම පැවැසීය සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව ජනවාරි 10 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇතත් එය කල් දැමීම පිටුපස කෝප් කමිටුව, ගිණුම් කාරක සභාව, මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා අහෝසි කර නව සභාපතිවරු පත් කිරීමේ වෑයමක් තිබීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපය මුළුමනින්ම වැරදි සහගත කටයුත්තක් බව නැවත වරක් සඳහන් කළ විජිත හේරත් මහතා මෙම ක‍්‍රියාකලාපය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකින බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here