ශ්‍රී ලංකාවේ පුජා භුමි සංවර්ධනයට ඉන්දියාව ඩොලර් මිලියන 15 ක් දෙයි

0
469

මෙරට පූජාභූමි සංවර්ධනය සඳහා ඉන්දියානු රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් මෙරටට ලබාදී තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කලේ ඉදිරි වසර 5 සඳහා මෙම මුදල් ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි වසර 5 සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබෙන බවත් එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට ද එහිදී එකඟතාවය පළ වී තිබේ.

එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී තීරණය වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here