Friday, November 15, 2024

වයෝවෘද්ධ කාන්තාවන් කරාබු යුගල වංචාකාරීව රැගෙන ගිය කොළඹ අක්ෂි රෝහලේ සැරිසරන වංචාකාරැ

කොළඹ නගරය විවිධාකාරයේ වංචාකාරයින්ගේ රජ දහනකි.

කවුරුන් හෝ මුලාකර මුදල් හෝ වටිනා දේ දැහැගැනීමට ඔවුන් උකුසු බැලුම් හෙළයි.

ගෙන්දගම් පොළොව ට පා තබන සමහරෙක් එවැනි වංචාකාරයින්ට රැවටෙති.

මේ එවැනි සිද්ධියකි.

කොළඹ අක්‍ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්ධ සහෝදරියන් දෙදෙනකුගේ කරාබු යුගල වංචාකාරී ලෙස රැගෙන ගිය තරුණයෙක් ගැන පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටිය දී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමුකළ හැකි බව පවසා රැගෙන ගොස් තිබුණි.

අනතුරුව ඔවුන්ට එම තරුණයා උපදෙස් දී ඇත්තේ දුප්පත් යැයි වෛද්‍යවරයාට හැඟවීම සඳහා කරාබු ගලවන ලෙසය.

එසේ ගැලවූ කරාබු යුගල එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාබු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු එතනින් ඉවතට ගොස් තිබේ.

කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා විය.

නමුත් පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් සිදු නොකරම නිවෙස බලා ගොස් තිබුණි.

කොළඹ අක්‍ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බව වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles