ලොව පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වෙයි. ඔමික්‍රෝන් ගැන රටවල් දක්වන අඩු සැලකිල්ල පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය කණස්සල්ලෙන්

0
312

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රටවල් රැසකින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 77කින් හඳුනාගෙන ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.

එම නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එබැවින් එම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

එන්නත්කරණය අඩු වශයෙන් සිදුකිරීම මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමේ වැඩිවීමක් සිදුවන බව ද එම සංවිධානය සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් මස ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබුණි.

WHO ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් පැවසුවේ රටවල් රැසක ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් තිබුණත්, තවමත් හඳුනාගෙන නොමැති විය හැකි බවයි. එමෙන්ම බොහෝ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ අවතක්සේරු කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට සූදානම් නොවුනහොත් රෝගීන් සංඛ්‍යාව අනපේක්ෂිතව ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක්විය හැකි බවයි ඔහු රටවල්වලට අනතුරු අගවා සිටින්නේ.

මේ වනවිට ලොව රටවල් 77 ක් පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේවනවිට එයින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ යුරෝපයයි. බි්‍රතාන්‍ය තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති අතර ඔමික්‍රෝන් ආසාදිතව සිදුවූ පළමු මරණය ද ඉකුත් දා බි්‍රතාන්‍යයෙන් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here