Saturday, September 21, 2024

මැති ඇමතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසකට වැඩමුළුවක් තියා බැසිල් පාන්දරින්ම ගම රට බලා යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියා සිටිනවා. මුදල් අමාත්‍යවරයා සමඟ ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය ද එම ගමනට එක් වී තිබූ බවයි වාර්තා වෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

පුද්ගලික සංචාරයක යෙදෙන ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.

මුදල් අමාත්‍යවරයා රටින් පිටව යාමට පෙර පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් මැති ඇමතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසකට ඊයේ (14) මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියහ මන්දිරයේ පවත්වා තිබෙි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි බව වාර්තා වේ.

රට තුළ ආහාර සුරක්ෂිතාව පවත්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්ත සංවර්ධනය, නිෂ්පාදනය පුළුල් කිරීම, අපනයනය වර්ධනය සහ ආයෝජන වැඩිකර ගැනීම යන කුරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 18 වැනිදාය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලුයම 2.55 පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා දෙදෙනා පිටව ගොස් තිබෙනවා.

ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට පෙර ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් මැයි මාසයේදී ද මසකට ආසන්න කාලයක් ඇමරිකාවට ගොස් සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවයද ඇති අතර ඔහු ද්විත්ව පුරවැසියෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles