Friday, September 20, 2024

පාස්කු නඩුවෙි පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් කැඳවීමක් නොකරන බව නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණයට දන්වයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තුන්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය කැඳවීමට බලාපොරොත්තුවක් නොමැති බව නීතිපතිවරයා විසින් අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසීමට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි නීතිපතිවරයා අද පෙරවරුවේ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව ඔහු එම නඩුවේ සාක්කිකාර භාවයෙන් මුදාහල විනිසුරු මඩුල්ල හෙට දිනට ද නියම කර තිබූ නඩු විභාගය ඉවත දැමූ අතර නඩු විභාග කිරීම සඳහා ලබන වසරේ ජනවාරි 18 වැනි දා යළි කඳවීමට නියෝග කෙරිණි.

නඩුව වැඩිදුර විභාගය ජනවාරි මස 18 වනදා සිදුකිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles