රාජ්‍ය ව්‍යාපාරයන්හී සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනය කරමින් ගැසූ අලුත් චක්‍රලේඛය මෙන්න

0
324

2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කරයි.

ඒ අනුව නව නියමයත් සමග කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සදහා සේවා දිර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව වයස අවුරුදු 62 ක් දක්වා සේවය කළ හැකි වනු ඇත.

කෙසේවෙතත් වයස අවුරුදු 57 සිට 62 අතර කාලය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියා වෙත මාස 3 ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.

කාර්යක්‍ෂමතාවය හා කාර්යය සාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන්නේ නම් ඊට එරෙහිව නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධාරියා සතු වනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here