ගෑස් පුපුරා මිය ගිය මව වෙනුවෙන් විජේදාස රාජපක්ෂ නොමිලයේ පෙනී සිටීමට ඉදිරිපත් වෙයි

0
555

ගෑස් අනතුරකින් මිය ගිය මහනුවර කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ පදිංචි 51 හැවරිදි සිවිදරු මවක් වන අශෝකා පි‍්‍රයන්ගනී වෙනුවන් නොමිලේ පෙනී සිටින බව ජනාධිපති නීතීඥ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.

අනතුරෙන් මිය ගොස් සිටින මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අශෝකා ප්‍රියංගනීගේ සැමියා, මේ වන විටත්, ගෑස් සමාගමට එරෙහිව තමත් අධිකරණයට යන බව පවසා තිබේ.

මියගිය අශෝකා ප්‍රියංගනී වෙනුවෙන් සාධාරණ වන්දියක් ලබා දීම සදහා තමන් ඇතුළු නීතීඥ කණ්ඩායමක් නොමිලයේ පෙනී සිටින බව නීතීඥ විජේදාස රාජපක්ෂ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here