Friday, September 20, 2024

මානව හිමිකම් කොමිසමත් ජාත්‍යන්තරයෙන් පහළට ඇද දමයි


ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ‘A’ ශ්‍රේණියේ සිට ”B” ශ්‍රේණිය දක්වා පහත හෙළීමට ජාතික මානව හිමිකම් සංවිධානවල ගෝලීය සන්ධානය කටයුතු කොට ඇත.

ජගත් මානව හිමිකම් සංවිධානවල ගෝලීය සන්ධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් ලෙස සැලකේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මෙසේ B ශ්‍රේණිය දක්වා පහත හෙළන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් ව තිබෙන්නේ, ශ‍්‍රී මානව හිමිකම් කොමිසම සදහා නියෝජිතයන් පත් කිරීමේ දී ඊට පෙර තිබුණු ස්වාධීනත්වය 20 වන සංශෝධනය යටතේ අහෝසි වී තිබීම හේතුවෙනි.

ඊට අමතරව, මෙරට මානව හිමිකම් ආරක්ෂා වීමේ තත්ත්වය පහත වැටී තිබීමද ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම, පොලිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් මිය යාමේ සිදු වීම් ද මේ සදහා බලපා ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ශ්‍රේණිගත කිරීම්වල පහත හෙළීම බලපැවැත්වෙන්නේ 2022 වසරේ දෙවන කාර්තුවේ සිට ය.

ඊට පෙර, සිය ස්වාධීනත්වය ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව සමත් වන්නේ නම්, ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමෙන් ආරක්ෂා විය හැකි බව ද පැවසේ.

මවිරට

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles