Friday, September 20, 2024

හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක්

මහල් 38කින් යුත් හොංකොං හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති වූ හදිසි ගින්නකින් එහි ඉහළ මාලයේ පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න තවමත් පවතින බවත් ගිනි නිවීමේ සේවකයන් ගින්න නිවීමට හා සිර වූ පුද්ගලයන් බේරා ගැනීම්‍ර් මෙහෙයුම් කඩිනමින් දියත් කරමින් සිටින බව වාර්තා වනවා.

බීබීසී පුවත් සේවයට හොංකොං පොලිසිය තහවුරු කර තිබෙන ආකාරයට අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සදහන් වේ.තුවාල ලැබූ අට දෙනා අවුරුදු 31ත් 72ත් අතර වයස්වල පසු වන බවත් මේ වන විට පුද්ගලයින් 150 දෙනෙකු ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles