එංගලන්තයෙන් කොවිඩ් බලපත්‍රයක් හඳුන්වා දෙයි

0
300

ලොව බොහෝ රටවල් කොවිඩ් මර්දන එන්නත ලබානොගත් අය එය ලබාගැනීමට යොමුකිරීම සඳහා සහ ආසාදිතයින් අවම කිරීම සඳහා විවිධ පියවර භාවිත කරයි.

එංගලන්තය අද සිට එවැනි පියවරක් ක්‍රියාත්මක කර තිබේ.

එය කොවිඩ් බලපත්‍රය හෙවත් Covid Pass ලෙස හඳුන්වා ඇත.

ඒ අනුව එරට සිටින වැඩිහිටි පුද්ගලයින් අදින් පසු රාත්‍රී සමාජ ශාලා, ක්‍රීඩා තරග සහ වෙනත් විශාල අවස්ථා සඳහා යන්නේ නම් අනිවාර්යෙන්ම කොවිඩ් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.

නමුත් එරට කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 100ක් පමණ එම පියවරට එරෙහිව ජන්දය භාවිත කර තිබුණි.

නව රීතිය අනුව සමහර ස්ථාන වලට ඇතුළත් වීම සඳහා එන්නත් දෙකම ලබාගෙන ඇති බව තහවුරු කිරීම හෝ ආසාදිතයෙක් නොවන බවට මෑතකදී ලබාගත් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි.

එම නව ක්‍රමවේදය එරට වයස අවුරුදු 18 වැඩි සියලුදෙනාට අදාළ වන බව එංගලන්ත සෞඛ්‍ය අංශ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here