පී.බී. නොගියොත් චමල් ඇමතිකමෙන් අස්වෙලා ගෙදර යන බව කියයි

0
369

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් නොවන්නේ නම් තමන් අමාත්‍ය තනතුරින් ඉවත්ව ගෙදර යන බව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක ආණ්ඩුවේ ප්‍රධානීන් මුණ ගැසී ඇති චමල් රාජපක්ෂ මහතා මේ බව දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම පී.බී. ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කිරීමටද එහිදී චමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

චමල් රාජපක්ෂ මහතාට අමතරව මේ වනවිට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනකුම ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවේ ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට කටයුතු කොට ඇත.

මව්රට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here