ෆයිසර් බූස්ටර් එන්නතින් ඔමික්‍රොන්ට එරෙහි සුවිශේෂි ආරක්ෂාවක් – ඊශ්‍රායල පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙයි

0
332

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ගැන සිදුකළ පර්යේශනයක ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කරමින් ඊශ්‍රායල පර්යේෂකයින් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ Pfizer – BioNTech එන්නත් මාත්‍රා තුනක් මගින් නව ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් සපයන බවයි .

ඊශ්‍රායල ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානය සහ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම වෛරස් විද්‍යාගාරය විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන්, මාස 6 කට පෙර එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයින් 20 දෙනෙකුගේ රුධි‍ර ප්‍රතිදේහ මසකට පෙර තෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ රුධිර ප්‍රතිදේහ සමග සංසන්දනය කර ඇත.

මාස 6 කට පෙර දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට ඔමික්‍රොන් වෛරසයට එරෙහිව ක්‍රියාකිරිමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව අනාවරණය වි ඇති බව ෂෙබා හි බෝවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ගිලි රිගව් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here