පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහ මොළකරු ගොටාභය රාජපක්ෂ මහතා බවට සමාජ මාධ්‍ය මගින් බොහෝ චෝදනා එල්ල වන නමුත් ඒ සියල්ල පදනම් විරහිත චෝදනා බව ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් වැදගත් චරිතයක් නොවූ බවත්, ඒ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව බවත්, ආරක්ෂක ලේකම්වරයා කියයි.
තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට විපක්ෂ කණ්ඩායම් විසින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු කිසිදු ආකාරයකින් දැඩිමතධාරියෙකු නොවන බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,
“ඔය නිලධාරියාගේ නම සුරේෂ් සලේ. සුරේෂ් සලේගේ මම දන්නවා “සලේ” කියන කෑල්ල විතරයි මුස්ලිම් කියලා මේවා එකක් තියෙන්නෙ. ඒ මනුස්සයා මම දන්න තරමින් ඔය කිසිම ඔයවගේ දේවල්වලට සම්බන්ධ නෑ. දෙමළ වචනයක්වත් කතා කරන්නත් බෑ. අරාබි වචනයක්වත් කතා කරන්නත් බෑ. කුරාණ් එකක් කියවලාත් නෑ. සිංහල බෞද්ධ කාන්තාවක් බැඳලා ඉන්නෙ. දරුවො මට මතක විදියට දෙන්නෙක් ඉන්නවා, දෙන්නටම සිංහල නම් තියෙන්නෙ. එතුමාගේ මේ කිසිම දැඩිමතධාරී තත්වයක් නෑ. එතුමා මේ මව්බිමට, රටට, ජාතියට තමන්ගෙ ජීවිතය පරදුවට තියලා වැඩකරපු ඉතාමත්ම වටිනා ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක්”
ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ (15) සංවිධානය කොට තිබු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.