Saturday, November 30, 2024

නීතිවිරෝධී වඳ සැත්කමි චෝදනා එල්ල වී අනිවාර්ය නිවාඩු යවා සිටි වෛද්‍ය ෂාෆිව යළි සේවයේ පිහිටුවීම නියෝග කරයි

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එසේම ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාළ සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කළා.

ඒ හේතුවෙන් ඔහු 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමටයි සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය මහතා ආන්දෝලනයකට තුඩු දුන්නේය.ඒ හේතුවෙන් ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.

මෙම චෝදනා මැතිවරණයක් ඉලක්ක කර ජාතිවාදී ප්‍රචාරණයක් වෙනුවෙන් පාවිච්චි කළ බවට විවේචන පැවති අතර ඒ දිනවල මාධ්‍ය තුළ විශාල පුවත් මැවූ නමුත් එම අපහසුතාවයට ලක්වූ කිසිවෙකු අධිකරණයට ගොස් අදාළ වැරදි ඔප්පු කරන්නට නොගියේය.

පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆි සහාබ්දීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සනාත කිරීමට සාක්ෂි නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

අත් අඩංගුවට ගෙන මාස දෙකකට පමණ පසු, 2021 වසරේ ජූලි මාසයේ 26 වන දා ඔහු ඇප මත මුදා හැරියේ ය.


මැතිවරණයෙන් පසු එම සංසිද්ධිය චෝදනා කළවුන්ට මෙන්ම පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනද අමතක කර දැමූ අතර වෛද්‍යවරයා දිගු කලක් සේවයෙන් ඉවත්ව තැබීම නිසා ඔහුගේ සේවය රෝහලට අහිමි විය.
අද ලැබුණ තීන්දුවෙන් පසු වෛද්‍ය ෂාෆි නැවත වැඩ අරඹනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles