ඩොලරයට සාපේක්ෂව පකිස්තාන රුපියලේ අගය ඉතිහාසයේ දරුණුතම පසුබෑම වාර්තා කර තිබේ.
ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මේ වනවිට ඇමරිකානු ඩොලරයක අගය පකිස්තාන රුපියල් 177 ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි.
එවැනි අගයක් මින් පෙර වාර්තා වී නොමැති බවත් පසුගිය මාස හතේදී පමණක් එය රුපියල් 25 කින් පමණ අවප්රමාණ වී ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් සදහන් කරයි.
2018 වර්ෂයේ අගමැති ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව බලයට පත්වන විට ඩොලරයක අගය පකිස්තාන රුපියල් 123 ක් පැවති අතර මේ වනවිට එනම් 2021 දී එය 177 ක් ලෙස සටහන්ව ඇත්තේ සියයට 30.5 ක අවප්රමාණවීමක් සනිටුහන් කරමිනි.