ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං මහතා ඊයේ (16) දෙවැනි දිනටත් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඔහු ඊයේ යාපනය පේදුරු තුඩුවෙන්, දින 3ක සංචාරයක් ආරම්භ කළා.
එතුමා අද යාපනය අරියාලෙයි පිහිටි මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද එක්ව සිටියා.
සංචාරය අතර තුර චීන තානාපති කී සෙන් හොං මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ ලංකාවත් චීනයත් එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරගත හැකි බවයි.
එමෙන්ම මෙය එයට ආරම්භයක් බවත් ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට බැඳී සිටින බවත් ඔහු පැවසුවා.
ඉන් අනතුරුව යාපනය ධීවර සංගම් සම්මේලන කාර්යාලයේදී ධීවරයින්ට උපකරණ බෙදා දීමක්ද එතුමා අතින් සිදුකෙරුණා.
අනතුරුව ඔහු ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිල වෙත පැමිණියා.
අද පස්වරුවේ ඔහු මන්නාරම දිස්ත්‍රික්කයේ ද සංචාරයක නිරත වීමට නියමිතයි.