සැබෑ කමිකරැ නායකයින් සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙවෙයි – අගමැති

0
284

සැබෑ කම්කරු නායකයන් සිය සටන් මෙහෙයවන්නේ පටු දේශපාලන වාසි සඳහා නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කම්කරු නායකයින් සහ කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා සංවිධානය කළ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි වූ ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි. සම්මාන ප්‍රදානෝත්සවයේ දී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් 09 දෙනෙකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ඇගයීමට ලක්වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here