යුගදනවි ගිවිසුමේ ඇතුලත් කරුණු ආර්ථික සහ තාක්ෂණික වශයෙන් රටට සුදුසුද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ තම නිලධාරීන් බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනය කරනවා.
ඔවුන් අවධාරණය කරන්නේ විදේශීය ආයතනය ඉදිරිපත් කරන මිල සුත්‍රයට පමණක් එකඟවී LNG මිලදී ගැනීමට සූදානම් නොමැති බවත් අනාගතයේදී සිදුවන හානිය පිළිබද සිතා ගිවිසුමට විරුද්ධ වන බවයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මේ අදහස් පළ කළා.