Thursday, November 28, 2024

රාජ්‍ය ඖෂධ සංස්ථාව සභාපතිවරයාගේ දූෂිත පාලනය නිසා ඖෂධ සංස්ථාව අර්බුදයකට – වෛද්‍ය රැක්ෂාන් බෙල්ලන

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වංචා හා දූෂණ සඳහා නායකත්ව දී කටයුකු කළ අයෙකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරයි.

ඔහු විසින් සඳහන් කරනුයේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ධූරයෙන් ඉල්ලා අස්වන බවට මාධ්‍ය මගින් ප්‍රචාරණයක් ලබා ගත් බවත් එවැනි ඉල්ලා අස්වීමක් සිදුකිරීමට තරම් වෙනත් වෘත්තියක් ඔහුට නොමැති බව තමන් මින් පෙරම පෙන්වා දුන් බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වාදෙනුයේ වර්ථමානය වන විට දූශණ සහ අක්‍රමිකතා මගින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ගිල ගනිමින් පවතින මොහොතක අකාර්යක්ෂම කළමණාකරණ හේතුවෙන් මේ වන විටත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතු ලිපි ගොනු රාශියක් අයාලේ ගොස් ඇති බවත් ඖෂධ කර්මාන්තය ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා 25,000ක් පමණ උත්පාදනය වී තිබුණු අතර මේ වන විට එම සියල්ලන්ටම එම රැකියා අවස්ථා අහිමි වී ගොස් ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ධූරයේ කටයුතු කරන කාලසීමාවේ ඖෂධ මිලද සීඝ්‍රයෙන් ඉහල ගොස් ඖෂධ වල ගුණාත්මකභාවට පහල වැටී තිබෙන බවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිත්වය සදහා දැනුමින් හා කළමණාකරණය අතින් සුදුසු අයෙකු පත්විය යුතුව තිබූ බවත් දේශපාලනිකව පවතින රජය බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීම හේතුවෙන් අදාල තනතුර හිමිවුත් සභාපතිවරයාගේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් මේ වනවිට සංස්ථාව බරපතල අර්බුදයකට පත්වෙමින් තිබෙන නිසාම සුදුසු පුද්ගලයෙකු වෙත අදාල සභාපති තනතුර බාරදී වහා එම තනතුරෙන් ඉවත්වන ලෙස වෛද්‍ය බෙල්ලන විසින් ලිපියක් මගින් සභාපතිවරයාට දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles