මැතිවරණවල ඡන්දය භාවිතා කිරීමේ දී දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ඇති වන අපහසුතාවලට විසඳුම්ක් ලෙස ඡන්ද පත්‍රිකාව මඟපෙන්වන ස්ටෙන්සිල් රාමුව (Tactile Ballet Frame) හඳුන්වාදීමේ සැලසුමක් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාවට නංවමින් සිටි.
දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් ඡන්දය සලකුණු කිරීමේ දී ඔවුන් විසින්ම ඡන්දය සළකුණු කිරීමත් ඔවුන් විසින් සළකුණු කරනු ලබන ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් මෙහි අරමුණයි.
මේ සඳහා දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවති අතර ප්රජාතන්ත්රවාදය සහ සර්වජන ඡන්ද බලය පිළිබඳ දැනුවත් කිරීම ද එහි දී සිදුවිය.